Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රත්නපුර මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ඉඩමක තිබී අත්අඩංගුවටගත් “මල් පැල” මොනවාද? අජිත් පී. පෙරේරා

ජාතික ජනබලවේගය ආණ්ඩුවේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශාන්ත පද්මකුමාරගේ ඉඩමක තිබී පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළවෙමින් ඇති බවත්, එයටද රන්වල සිදුවීමේ ප්‍රතිඵලයම අත්වේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සැක පළකරයි.

එබැවින් ඒ සම්බන්ධව සත්‍ය තොරතුරු සමාජය දැනගත යුතු බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය .

සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මේ අදහස් දක්වා සිටි අතර, පොලිසිය අත්අඩංගුවටගත් මේ මල්පැළ මොනවාද ? ඒ ඇයි ? කොච්චර ප්‍රමාණයක්ද ? ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද කියා දැනගන්නට අවශ්‍ය බවද පැවසීය.

හිටපු විදුහල්පතිවරයකුද වන මෙම ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රත්නපුර ජනතාවගේ ජන්ද ලක්ෂ ගණනකින් පාර්ලිමේන්තු පැමිණ ඇති බවද අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සිහිපත් කළේය .

වල්පැළ සහ මල්පැළ නිවැරදිව හඳුනාගැනීමට නොහැකිවීම සම්බන්ධව ජනතාව කණගාටු වියයුතු බවද මන්ත‍්‍රීවරයා මෙහිදි සඳහන් කර සිටියේය.

About The Author