පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ආ රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 160,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය බ්‍රහස්පතින්දා (09) කැරට් 22 රන් පවුමක මිල රු. 134,000 ක් දක්වා පහළ වැටී තිබුණි.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා රු. 145,000 ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද වන විට රු. 173,000 ක් දක්වා වැඩි වී ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට