Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රතන හිමි මූලික වූ වැඩක රෑට රෑට හොරෙන් කළ දේ එළියට

රට රවටන ප්‍රෝඩාවක සුල මුල එළිවෙයි

ගොවිතැන් කිරීමට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලා මාදුරුඔය ප්‍රදේශයේ පැවති ගොවි විරෝධතාවයකදී අතුරලියේ රතන හිමිගේ මූලිකත්වයෙන් සිදුකරනු ලැබූ කාබනික වගාවේදීත් යූරියා පොහොර යෙදූ බව ගොවි මහතෙකු පවසයි.

රසායනික පොහොර යොදා ගොවිතැන් කිරීමේදී හෙක්ටයාරයකට කිලෝ පන්දහසක් පමණ ලබා ගත හැකි වූ බවත් කාබනික පොහොර යොදමින් ගොවිතැන් කිරීමෙන් හෙක්ටයාරයකින් කිලෝ 2000-2500 අතර ප්‍රමාණයකින් අස්වැන්න පහල බැස ගිය බව එම විරෝධතාවයට එක්වූ ගොවීන් චෝදනා කරනවා.

එහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් කාබනික ගොවිතැන ආරම්භ කළේ තම ගොවි ජනපදයෙන් බවයි.

එහි දී රාත්‍රියට යූරියා පොහොර යොදා පෙරවරුවේ කාබනික පොහොර යොදමින් ගොවිතැන සාර්ථක බව රටට පෙන්වීමට උත්සාහ කළ බවයි.

එසේ කළත් සිය අස්වැන්න සැළකිය යුතු ප්‍රමාණයකින් පහළ වැටුණු බවත් ඔවුන් දැන් පවසනවා.

එම නිසා කාබනික වගාවට ක්‍රමාණුකූලව යා යුතු බවත් ගොවි ජනතාව කබලෙන් ලිපට ඇද නොදමා වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

මාදුරුඔය මිටියාවතේ ගොවි අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විසින් මෙම ගොවි විරෝධතාවය ඊයේ (16) වැලිකන්ද දිඹුලාන ප්‍රදේශයේදී කැඳවා තිබූ අතර ඊට ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියා.

About The Author