මේ වන විටත් හා තායිලන්තයේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා වියදම මිලියන සිය ගණනක් ඉක්ම ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තාකර තිබෙනවා.
එම වියදම තවදුරටත් දරා ගත නොහැකි තත්ත්වයකට පත්වෙමින් ඇති නිසා ඔහු ඉක්මනින්ම ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද එම වාර්තාවේ සඳහන්.
පෞද්ගලික ජෙට් යානා වල ගමන් බිමන්, සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහ පැය 24 පුරාම ආරක්ෂාව සඳහා මෙලෙස විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව එම වාර්තාවේ සඳහන්.
එම වියදම ඔහුගේ සමීප ආධාර කරුවන් කිහිප දෙනෙකු විසින් දරන ලබන බව ද රොයිටර් පුවත් සේවා තවදුරටත් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව තවත් සති දෙකකින් පමණ ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් එය ඔහුගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා වන විධිවිධාන මත රඳාපවතිනු ඇති බවත් වාර්තාව මගින් වැඩි දුරටත් පේනවා දෙනවා.
පසුගිය ඉරිදා Mee Massoo TV ඔස්සේ විකාශය වූ රහස් කියන මී මැස්සා විශේෂාංගය හරහාද මෙහි අභ්‍යන්තර කරුණු රැසක් අප ඔබ වෙත ගෙන ආවා.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?