Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රට වෙනුවෙන් ගිය තානාපති තානාපති කාර්යාලය මිලදී ගන්නත් ගේමක් ගහලා ඇමරිකාවේ හිටපු ශ‍්‍රි ලංකා තානාපති මුල්‍ය වංචාවකට ඇමරිකා අධිකරණයේදී වරදකරු වේ : රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙක්

ලංකාව තුළ බරපතල දුෂණ එල්ල වී ලංකාවේ අධිකරණයට කට්ටි පැන්නත් ඇමරිකාවේදී කොටුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපතිවරයකු වන ජාලිය වික්‍රමසුරිය මහතා එරට අධිකරණයක් විසින් වරදකරු කරමින් නඩු තීන්දුවක් ලබාදී තිබෙනවා.

ඒ අමෙරිකාවේ වොෂින්ටන් නගරයේ ශ‍්‍රී ලංකාව වනුවෙන් තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සදහා ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් 332,027 ක මුදලක් වංචා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලට අදාලවයි.

මෙම චෝදනාවන් සම්බන්ධයෙන් ඔහු වරද පිළිගෙන ඇති බවයි වාර්තාවන්නේ.

අමෙරිකාවේ ව්‍යවස්ථාව අනුව මෙම වරද සදහා වසර පහක සිරදඬුවමක් සහ මූල්‍ය දඩයක් පැනවිය හැකි අතර මෙම තීන්දුවට දඬුවම් නියම කිරීම ජුලි මස 20 වෙනිදා සිදුකිරිමට නියමිතව තිබෙනවා.

2008 සිට 2014 දක්වා ඔහු ශ‍්‍රී ලංකාවේ ඇමරිකා හා මෙක්සිකෝ තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසුරිය මහතා අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2018 වසරේ ජනවාරි 05 වැනිදා විවෘත වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවේ ය..

යහපාලන රජය සමයේදී ජාලිය වික්‍රමසූරිය මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2016 වසරේ නොවැම්බර් 17 වැනිදා කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගත් අතර පසුගිය කොටුව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඇසේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා අමෙරිකාවට යාමට අවසර ලබාදෙන ලෙස පසුව ඔහු කල ඉල්ලීම පිළිගත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017 වසරේ ජාලිය වික්‍රමසුරිය මහතාට විදෙස්ගත වීම සඳහා අවසර ලබා දුනනා.

2017 වසරේ නොවැම්බර් 17 අධීකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට ඔහුට කොන්දේසියක් පනවා තිබුණ ද ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

අනතුරුව 2018 වසරේ ජනවාරි 5 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධීකරණය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.

ශ්‍රී ලංකා රජයට සිදුකළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට යුක්තිය පසිඳලීමට නොහැකි වෙමින් කල් ගතවෙමින් තිබු අවස්ථාවක ඇමරිකානු රජය විසින් එරට නීතියට අනුව අදාළ අපරාධය පිළිබඳ යුක්තිය ඉටු කිරීම විශේෂ කරුණක්.

About The Author