Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රට වැසීමෙන් දිනක පාඩුව කබ්රාල් ගණන් හදයි

පාඩුව අවම කර ගැනීමට කළ යුතු දේත් කියයි

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් රජයට දෛනිකව රුපියල් කෝටි එක්දහස් පන්සියයක පමණ පාඩුවක් සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මෙය අවම කර ගැනීම සඳහා විසදුමක් ද යෝජනා කරන කබ්රාල් මහතා යෝජනා කරන්නේ ඒ සඳහා රට අගුළුදැමීම් හැකිතරම් කෙටිකිරීමට කටයුතු කළයුතු බවයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ පසුගියදා (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

About The Author