කොරෝනා වසංගතය රටපුරා තදින් පැතිර යමින් තිබෙන නිසා එයට පාලනය කිරීමට නම් අඩුම තරමේ සති දෙකක්වත් මුළු රටම වසා තැබිය යුතු යැයි මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගම් හතරක් අවධාරණය කර තිබෙනවා.
පළාත් අතර සංචරණ සීමා පැනවීම, හඳුනාගත් ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීම මගින් පමණක් පවතින තත්වය අනුව වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි බව ද එම වෛද්‍ය සංගම් පෙන්වා දෙනවා.
එම ඉල්ලීම රජයෙන් කර ඇති වෛද්‍ය සංගම් 4 වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යායතනයයි.
ලබන අඟහරුවාදා (24) සංචරණ සීමා ලිහිල් නොකර එය තවත් දින ගණනාවකට දීර්ඝ කළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කියයි.
මේ අතර කොරෝනා මර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද රට වසා දමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නමුත් ජනාධිපතිවරයා තීරණය කර තිබෙන්නේ රට වසා නොදැමිමටයි.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ එක් එක් පුද්ගලයින් කියන කියන පරිදි රට වසා දැමීමට නොහැකි බවයි.
ජනාධිපතිවරයාගේ හැකියාව පිළිබඳ මෙරට ජනතාවට විශ්වාසයක් ඇති බවත් රටේ සියලු ජනතාව ගැන සිතා ඔහු නිවැරදි තීරණ ගනු ඇති බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට