කැබිනට්ටුවේ ගොළුවන් මෙන් සිට එළියට ගොස් වීරයන් වීම ගැන දොස්
වහාම රට වසා දමන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකල ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතරින් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන වාසුදේව නානයක්කාර, විමල් වීරවංස සහ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් තිදෙනාට දුරකතන ඇමතුම් දී ඇති ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මහතා ඔවුන් තිදෙනාට දැඩිව දෝෂරෝපණය කර ඇතැයි වාර්තා වනවා.
“කැබිනට් රැස්වීමේදී කටක් හොලවන්නේ නැතිව ඉඳලා එලියට ගිහින් විරයෝ වෙන්න ලියුම් ගහන්න ලෑස්ති වෙන්න එපා” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී පවසා ඇති බවයි කනින් කොනින් වාර්තාවන්නේ.
මෙම සිදුවීමෙන් පසු බලවත් සිත් තැවුලට පත්වී සිටි ඇමතිවරුන් තිදෙනා රාත්රී භෝජන සංග්රහයකට සිය නිවසට කැඳවා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇමතිවරුන් තිදෙනා අස්වැසීමට උත්සහ දරා ඇති බව ද වාර්තවනවා.
මල්ලි ගැහුවම අයියා සනසපු එක තමයි ඉස්රත් උනේ.මරන්න උස්සපු කිත් නොයර් බේරගත්තෙත් අයියනේ