Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රට බේරගන්න සිංහයෙක් ගෙනාවා, චීන්නු අන්තිමට ඌව සර්කස් එකට ගත්තා – නීතිඥ හර්ෂණ නානායක්කාර

රට බේරා ගැනීමට බව පවසමින් සිංහයෙක් ගෙනා බවත් අවසානයේ චීන්නුන් විසින්එම සිංහයා චීන සර්කස් එක සඳහා යොදා ගත් බවත් නීතීඥ හර්ෂන නානායක්කාර මහතා සඳහන් කරනවා.

ජාතික ජන බලවේගයේ විද්වත් කමිටුව නියෝජනය කරන නීතීඥ හර්ෂන නානායක්කාර මහතා මේ අදහස් පළකළේ පසුගියදා (23) කොළඹදී පැවති මහජන හමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව දැනට පාලනය කරන්නේ ආණ්ඩුව විසින් නොවන බවයි.

චෞර වල්ලක් විසින් රටේ පාලනය සියතට ගෙන ඇති බව පෙන්වා දුන් ඔහු අවධාරණය කළේ දැන්වත් ආණ්ඩුව රජයට පවරා ගැනීමට රජය කටයුතු කලයුතු බවයි.

ලෝක දේශපාලන බල අරගලය තුළ ශ්‍රී ලංකාව අසරණ වී ඇති අයුරු සහ පාලකයන්ගේ දුර්වල දේශපාලන භාවිතාවන් පිළිබඳ දැඩි විවේචනයක් දමෙහිදී ඔහු විසින් සිදු කරනු ලැබුවා.

About The Author