රට පුරා සියලු ප්‍රධාන නගර වල කඩ සාප්පුත් හිස් වෙයි : අධික රථවාහන තදබදයක්
අද පස්වරු 06 සිට එළඹෙන සඳුදා පෙරවරු 06 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කිරීමත් සමඟ දිවයිනේ ප්‍රධාන නගර රැසක දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබුණා.
ඒ ජනතාව ආහාර සහ ඉන්ධන රැස් කර ගැනීම සඳහා මහමගට අවතීරණය වීමත් සමගයි.
මේ හේතුව නිසා බොහෝ කඩ සාප්පු සහ සුපිරි වෙළඳසැල් වල අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක් අවසන්ව තිබුණා.
ජනතාවට මේ හේතුවෙන් මුහුණ දීමට සිදුව තිබුණේ බරපතල ගැටලුවකටයි.
මීට අමතරව මත්පැන් අලෙවිසල් අසලද පැවතියේ දිගු පෝලිම්.
මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබුණේ විදුලි කප්පාදුව හේතුවෙන් මාර්ග සංඥාද ක්‍රියාත්මක නොවීම් හේතුවෙන්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි