පසුගිය මැයි මස 09 වෙනිදා මයිනා ගෝ ගම සහ ගෝඨාගෝ ගම සාමකාමී අරගලයට එල්ල කළ මැර ප්‍රහාරයේ දෙවැනි මහ මොළකරු බස්නාහිර ප්‍රදේශය බාරව එවකට රාජකාරි කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බව අධිකරණය ඉදිරියේදී හෙළි වී ඇති බව Lanka Truth වාර්තා කරනවා.
අද (16) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මේ බව හෙළිකරව ඇති බව සඳහන්.
සිද්ධියට අදාළ ප්‍රධාන මහමොළකරු කවුද යන්න තවමත් හෙළිවී නැති බවයි වාර්තාවන්නේ.
මෙම මැර ප්‍රහාරයට අදාළව පොලිසිය විසින් පුද්ගලයන් 747 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර එයින් 366 දෙනෙකුම පොලිස් නිලධාරීන් බව අධිකරණය ඉදිරියේ අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව මේ වනවිට හඳුනාගෙන සිටි සැකකරුවන් 28 දෙනා අතරට තවත් තිදෙනෙකු එක්කර තිබෙනවා.
මෙම තිදෙනා මේ දක්වා සොයාගත නොහැකිවීම විශේෂත්වයක් වී ඇත.
29 වෙනි සැකකරු ලෙස හඳුනාගෙන සිටින සජිත් සාරාංග නම් රගර් ක්‍රීඩකයා රටින් පැන ගොස් ඇති අතර ඔහු ආබාධිත සොල්දාදුවෙකුට අමානුෂික ලෙස පහර දීමට සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන චුදිතයායි.
30 වෙනි සැකකරු තුසිත සම්පත් නානයක්කාර වන අතර මේ දක්වා සොයා ගැනීමට හැකිවී නැහැ.
31 වෙනි සැකකරු ලෙස මොරටුව නාගරික මන්ත්‍රී ප්‍රදීප් ප්‍රියන්ත ප්‍රනාන්දු නම්කර සිටින අතර ඔහු ද අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකි වී නැහැ.
© මුලාශ්‍රය – Lanka Truth
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට