කුමන පාර්ශ්වයක් වුවත් රටේ ස්වෛරීත්වයට බලපෑම් කරමින් රට තුළ චීන කොලනි නිර්මාණය කිරීමට උත්සහ දරන්නේ නම් නිවටයින් සේ බලා හිදීමට තමන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේ මෙන්ම රටට ආදරය කරන ජනතාව කිසි විටක සුදානම් නොමැති බව ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
වසර පහකට හයකට බලයට පැමිණෙන අයට ශතවර්ෂ ගණනාවකට රටේ බිම් කොටස් විවිධ කණ්ඩායම්වලට දීමට අයිතියක් නොමැති බව අවධාරණය කරන උන්වහන්සේ මේ වන විට විවිධ උපායමාර්ග හරහා රට අත්පත් කරගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දරමින් සිටින බව ද පෙන්වා දුන්නා.
”වසර 30ක් තිස්සේ බරපතල ඛේදවාචකයකට මුහුණ දුන්නා. ඒ තමයි රටෙන් කෑල්ලක් අවි බලයෙන් ලබා ගන්නට බෙදුම්වාදී කොටස් ගෙනගිය අරගලයට විරුද්ධව. දැන් අපට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඒ වගේම තවත් ප්‍රශ්නයකට. ඒ වෙනත් උපාය මාර්ග මගින් රටේ කොටස් අත්පත් කරගන්නා උත්සාහය. නවීන චීන කොළනිය. ඉතාම පැහැදිලියි මේ රට තුළ වෙනත් රටක ප්‍රාන්තයක්. බිහි වෙන්නට යන බව. අක්කර 1115ක මහා බිම්කඩ රටේ පාලන බලයට යටත් නැහැ. ඒ බිම් කඩට ශ්‍රී ලංකාව නියෝජන කරන නියෝජනයක් නැහැ. පාලනයක් නැහැ.
ඒ නිසා අපි අහනවා පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන වගකිව යුතු ව්‍යවස්ථාදායක සභාවේ වාඩි වෙලා ඉන්න වගකිව යුතු නියෝජිතයෝ මේ තත්ත්වය දන්නවද එසේ දන්නවා නම් අපේ රටේ කොටසක් උපක්‍රමශීලිව මේ විදිහට වෙනත් රටක කොළනියක් බවට පත්කිරීමේ ශාපයට,පාපයට ඔබ සම්බන්ධ වෙනවාද? නැද්ද? කියන බව අලුත් අවුරුද්දේ ගත යුතු අලුත් තීරණයක්. බිහිවීමට නියමිත නව චීන කොළනිය ප්‍රතික්ෂේප විය යුතුයි. එය මේ රටේ ස්ථාපනය නොවිය යුතු” බවයි ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ කියාසිටියේ.
කැසිනෝ නීති නිදහස් කරනව කියන්නෙ “පෝට් සිටියෙ” කැසිනෝ නැද්ද? ඒ කියන්නෙ රටේ අනෙක් ප්‍රදේශ වල වගේම පෝට් සිටියෙත් බුද්ධාගමට ප්‍රමුඛත්වය සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමට රජයට ඇති වගකීම ඉටු වෙනවා කියන එකද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව පෝට් සිටියෙත් රකිනවාද?