විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා අවම ලංසුව ඩොලර් මිලියන දෙකක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
රුපියල් වල වටිනාකම දිනපතා අඩු වීම හේතුවෙන් එම මුදල් ලබාදෙන්නේ ඩොලර් වලින් බවත් ඒ සදහා ආණ්ඩුවේ නායකයන් සතුව ඩොලර් ඇති බවත් ඔහු සඳහන් කිරීම විශේෂත්වයක්.
ආණ්ඩුව දිනෙන් දින පිරිහෙමින් යන මොහොතක ආණ්ඩුවේ බලය තහවුරු කරගැනීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඩොලර් ගෙවමින් බිලිබා ගැනීමේ ක්‍රියාවලියක් දියත් ව ඇතැයි ද ඔහු සඳහන් කළේ සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට