කොවිඩ් මර්ධන විශේෂ කාර්ය සාධක බලකාය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ හදිසියේ රැස්ව තිබෙනවා.
පසුගිය අවුරුදු නිවාඩුව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ජනතාව හැසිරී ඇති බැවින් නැවත කොරෝනා වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියක් ඇති වීමේ අවධානම සලකිල්ලට ගනිමින්.
මෙම තත්වයට වහා මැදිහත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති අතර ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් හැකි උපරිම පියවර අනුගමනය කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ අංශ වෙත නියෝග කර තිබෙනවා.
මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් ඇතුලත්.
සෞඛ්‍ය අමායන්ෂ්ය නිවේදනය කළේ මෙම සාකච්ඡාවේදී ,
• දැඩි සත්කාර ඒකක වල ඇදන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම.
• දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇදුම් වැඩිපුර ලබා දීම.
• කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම.
• ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හදුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම.
• කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතර තුර දෛනිකව අනෙකුත් රෝග සදහා ද රෝහල්ගත වන රෝගීන්ට ලබාදෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම.
• PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000 ක් දක්වා වැඩි කිරීම.
• නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම.
• විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම.
යන කරුණු පිළිබඳව තීරණ රැසක් ගත බවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට