එහෙම එකක් නෑ තෙල් සංස්ථා සභාපති කියයි
ඉදිරියේදී රට තුළ තෙල් හිඟයක් ඇති විය හැකි බව වාණිජ සේවා කර්මාන්ත හා ප්‍රගතිශීලි සේවා සංගමය සඳහන් කරයි.
එහි සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ සෙනසුරාදා ඉරිදාට ඉන්ධන බෙදාහැරීම නැවැත්වීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බවයි.
වරාය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සපයන ආයතන වලට ඉන්ධන තබාගත හැකි ධාරිතාවක් ඇති බවත් එනිසා සෙනසුරාදා ඉරිදා තෙල් බෙදා හැරිය යුතු බවත් ඔහු පැවසීය.
මෙම මතයට ඇහුම්කම් නොදී අත්තනෝමතික ලෙස සේවකයන්ගේ අතිකාල කප්පාදුව සිතමින් මෙම තීරණය ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් උපරිම දෙයක් සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ සපුගස්කන්ද පිරිපහදුව සේවකයන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මෙරට තුළ තෙල් හිගයක් ඇති වීමට කිසිදු ඉඩක් නැති බවයි.
සෙනසුරාදා හා ඉරිදා දිනවල තෙල් බෙදාහැරීම නතර කිරීමට විරෝධය පළ කිරීම සදහා සේවකයන් විසන් වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි වාර්තාවන්නේ.
ගොඩ දැමීමට අමෙරිකානු ණයක්
මේ අතර මතුව ඇති ඉන්ධන අර්බුදය පාලනය කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 250ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් කඩිනමින් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එම ණය මුදල ඇමරිකාවේ “කන්සෙප්ට් ග්ලෝබල්”නමැති මූල්‍ය ආයතනයෙන් ලබා ගැනීමට කැබිනටි අනුමැතිය ද මේ වන විට ලැබී ඇති බව සඳහන්.
වසර 2 ක සහන කාලයක් සහිතව ලබාගැනෙන මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර 12 ක් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙලෙස ලබා ගන්නා ණය වාරික ගෙවීම ආරම්භ කිරීම කළ යුත්තේ 2024 වසරේ සිටයි.
සියයට 3 ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මෙම ණය මුදල කඩිනමින් ලබා ගැනෙන බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.
ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවීමට ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් කෝටි 330 ක් පමණ වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති අතර මේ තත්වය තුළ අදාළ රාජ්‍ය බැංකු දෙකද බරපතල අර්බුදයකට මුහුණ පා ඇති බව සඳහන්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට