Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රටේ ආර්ථික අර්බුදයේ වගකීමෙන් කොටසක් ආණ්ඩුව රට විරුවන් පිට දමයි

රට රැක ගැනීමේ අන්තිම අවස්ථාවට පැමිණ ගෝඨාභයට ඡන්දය දුන් ඩයස්මීලාගෙන් ආණ්ඩුවට පොල්ලක්

විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන් කිසිවකුත් ශ්‍රී ලංකාවට මුදල් එවන්නේ නැතැයි රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

තරුණ තරුණියන් විශාල පිරිසක් විදේශ රැකියාවල නිරත වන බවත් ඔවුන් තම මුදල් එහි රඳවා ගෙන සිටින බව ඔහු පැවසීය.

මතුව ඇති ඩොලර් අර්බුදයට එයද හේතුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

භාණ්ඩ මිල වැඩි වීම සම්බන්ධයෙන් තමන්ගේ ද කිසි කැමැත්තක් නැති බවත් හැකි පළමු අවස්ථාවේම බඩු මිල අඩු කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී හෙතෙම මෙම අදහස් පළකරන ලදී.

About The Author