විදුර වික්‍රමනායකත් ඇමති ධුරයක රහ බැලීමට යයි
ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ රට තුළ බරපතළ අර්බුදයක් තිබෙන මොහොතක ජ්‍යේෂ්ඨයින් වෙනුවට කණිෂ්ටයින්ට රටේ ප්‍රධානතම ආයතනවල වගකීම භාර කරමින් අමාත්‍ය ධුර ලබා දීමයි.
පසුගිය කාලයේ ආණ්ඩුව විවේචනය කරමින් සිටි විදුර වික්‍රමනායක මහතා ද නව කැබිනට් අමත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා.
දැනට දිවුරුම් දී ඇති ඇමතිවරුන් මෙසේය.
- දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා
- රමේෂ් පතිරණ – අධ්‍යාපන හා වැවිලි
- චන්න ජයසුමන – සෞඛ්‍ය
- ෂෙහාන් සේමසිංහ – කෘෂිකර්ම හා වෙළෙඳ
- කාංචන විජේසේකර – බලශක්ති හා විදුලිබල
- දිලුම් අමුණුගම – කර්මාන්ත හා ප්‍රවාහන
- දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන හා පළාත්සභා
- කනක හේරත් – මහා මාර්ග අමාත්‍ය
- ඩග්ලස් දේවානන්ද – ධීවර
- ප‍්‍රසන්න රණතුංග – මහජන ආරක්‍ෂක, සංචාරක
- විදුර වික‍්‍රමනායක – කම්කරු
- ජානක වක්කුඹුර – කෘෂිකර්ම, වාරිමාර්ග
- මොහාන්ද සිල්වා – ජල සම්පාදන
- විමලවීර දිසානියක – වනජීවී හා වන සම්පත්
- තේනුක විදානගමගේ – ක‍්‍රීඩා හා තරුණ කටයුතු
- නාලක ගොඩහේවා – ජනමාධ්‍ය
- නසීර් අහමඩ් – පරිසර
- ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නවුක
අත නොහැර කියවන තැන
මහජන ආරක්‍ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට