රට තුළ ඇතිව තිබෙන අර්බුදයට හේතුව කොරෝනා වසංගත බව හුවා දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සම්මේලනය ආණ්ඩුවේ පටු බල වුවමනාවන් මත සංවිධානය කරන ලද්දක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් විපක්ෂ නායක ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
විපක්ෂ නායක ලේකම් රවි ජයවර්ධන මහතා විසින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත දැනුම් දී ඇත්තේ වර්තමානයේ අපගේ මාතෘ භූමිය මුහුණපා ඇති සියලු අර්බුදයන්ට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ අත්තනෝමතික සහ තීරණ හේතුවී ඇති බවයි.
දූෂණය හා නාස්තිය ඉහවහා ගොස් ඇති රටක තවදුරටත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජනතාව පීඩාවට පත් කරමින් කටයුතු කරමින් සිටින බවයි විපක්ෂය පවසන්නේ.
සත්‍ය කරුණු විකෘති කරමින් ජනතාව තවදුරටත් පීඩාවට පත් කරමින් තම පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා කැඳවා ඇති ඵල රහිත සර්ව පාක්ෂික සම්මේලනයට පක්ෂය සහභාගී නොවන බවයි එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ.
අදාල සම්පූර්ණ ලිපිය පහලින්..




අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට