Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රටම සංවේදී මොහොතක කතානායක නැවත බොරු කියයි : රනිලුත් ලෝක අමාරුවක : ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය දවසේ කෙප්පය බවට පත් වෙයි

ඊයේ (13) දිනය අවසන් වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා සිය ඉල්ලා අස්වීමට අදාල ලිපිය නිලවශයෙන් නිකුත් කරනු ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිදුකළ ප්‍රකාශය අසත්‍ය සහ වගකීම් විරහිත ප්‍රකාශයක් බව මේ වන විට තහවුරු වී තිබෙනවා.

ඒ අදාල ලිපිය ඊයේ දිනය තුළ නිකුත් නොවීම හේතුවෙන්.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අදූරදර්ශී පාලනය පරාජය කළ යුතු බවටත් ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවටත් බලකරමින් දැවැන්ත ජන අරගලය මෙරට පැවැත්වෙන්නේ මාස තුනකට වඩා වැඩි කාලයක සිටයි.

එහි උච්චතම අවස්ථාව පසුගිය ජුලි මස නම වෙනි දා සිදුවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දින කිහිපයක් අප්‍රසිද්ධියේ සිට හොර රහසේම මාලදිවයින බලා පිටත්ව ගියේ එල්ලවූ ජනතා විරෝධය ප්‍රබල තත්ත්වයකට පත්වීම හේතුවෙන්.

එම කාලසීමාව තුළදී ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් යනුවෙන් ප්‍රකාශ කෙරුණු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා උපුටා දක්වමින්.

ඒ අනුව 13 වැනිදා දිනය ඇතුළත ඔහු ධුරයෙන් ඉවත්වන බව සහ අදාල ලිපිය ඉදිරිපත් කිරීමට නියමිත බව කතානායක වරයාට රටට දැනුම් දුන්නා.

නමුත් එම ප්‍රකාශය මේ වන විට අසත්‍යයක් බවට පත්ව තිබෙනවා.

ඒ වෙනුවට ජනපතිවරයා විදෙස්ගතව සිටින කාලය සඳහා වැඩ බැලීමේ පදනම මත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමයි.

ඒ අනුව නව ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකු පත් කර ගැනීමේ අවස්ථාව අහිමිව ගොස් ඇති අතර අරගලයේ ජනතාවගේ බලාපොරොත්තුව ද බිඳ වැටී තිබෙනවා.

මේ තත්ත්වය තුළ සමාජයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වූ අතර මෙම සිදුවීමත් සමගය තත්වය තවත් නරක අතට හැරෙනු ඇත.

‍ රට තුළ මතුව ඇති අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමේදී ඔහු විසින් ජනපතිවරයාට පැවරී ඇති බලතල කිහිපයක් ක්‍රියාත්මක කොට ඇති අතර හදිසි නීතිය වැනි සංවේදී නෛතික කරුණු සහ අරගලය මර්දනය කිරීමට අදාළ මැදිහත්වීම සිදු කිරීමට යාමත් සමග වික්‍රමසිංහ මහතාට ද බරපතළ ජනතා ප්‍රතිවිරෝධය එල්ල වී තිබෙනවා.

එය ඔහුගේ ඉදිරි දේශපාලන ජීවිතයට ද තීරණාත්මක බලපෑමක් ඇති කර තිබෙන බවද පැහැදිලියි. ‍

About The Author