Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රටම අමාරුවේ වැටුණේ බැරි දේවල් කරන්නට යාමෙන් රාජ්‍ය ඇමති සුසිල් කියයි

මම බංකුවේ : මහින්දාන්නද ෆුල් ෆේල්

රටම අමාරුවෙ වැටුණේ කරන්න බැරි දේවල් කිරීමට යෑම නිසා යැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර තිබෙනවා.

ආහාර අර්බුදයට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවද ඔහු පවසනවා.

බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්ම ඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව පැවසූ ප්‍රේමජයන්ත මහතා කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම “ෆේල්” බවද සඳහන් කිරීම විශේෂත්වයක්.

රටේ ඩොලර් නැතිනම් ඒවාට වගකිව යුතු වන්නේද ඩොලර් නැති කළ අය බව ඔහු පවසනවා.

පොහොර ටික නැති කළාම බඩු මිල ඉහළ යන එක කියන්නත් දෙයක් දැයි මෙහිදී ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ සිටියත් ප්‍රතිපත්ති තීන්දු ගන්නා ස්ථානවල තමා නැතැයිද සඳහන් කළා.

තමා බංකුවක තබා ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

රටතුළ මතුව ඇති ප්‍රශ්න වලට විසඳුම් දිය හැකි කාලය ඉක්මවා ගොස් ඇති බව ද සඳහන් කළ ප්‍රේමජයන්ත මහතා දැන් මේවාට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවත් සඳහන් කළා.

About The Author