2019 වසරේ ජනාධිපතිවරයා බලයට පත් වූ වහාම ලබාදුන් බදු සහන අනුව 2020 වසර අවසන් වන විට රටට අහිමිව ඇති බදු ආදායම රුපියල් කෝටි 15,500කට අධික බව අනාවරණය වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවට අනුව 2019 වර්ෂයේදී ආදායම් බදු වශයෙන් රුපියල් කෝටි 42,770ක් රජයට ලැබී ඇති අතර එය 2020 වසරේදී රුපියල් කෝටි 26,825ක් දක්වා රුපියල් කෝටි 15,500කින් පහත වැටී තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් ලබාදුන් සෘජු බදු සහ වක්‍ර බදු අඩු කිරීමේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් මහ බැංකු වාර්ශික වාර්තාවේ විස්තර කර තිබෙන්නේ පහත දැක්වෙන අන්දමිනි.
“2019 වසරේ අවසන් භාගයේ සිට බදු සංශෝධන හරහා ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය මූල්‍ය උත්තේජන ක්‍රියාමාර්ග හේතුවෙන් 2020 වසරේදී රාජ්‍ය ආදායම පහළ ගියේය. බදු ආදායම් රැස් කිරීම සීග්‍රයෙන් පහත වැටීම පිළිබිඹු කරමින් 2019 වසරේදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 12.6ක් වූ රාජය ආදායම 2020 වසරේදී සියයට 9.1ක් දක්වා අඩුවිය.”
කෙසේ වෙතත් විපක්ෂය චෝදනා කරන්නේ රාජ්‍ය ආදායම පවා අනතුරේ හෙලමින් රුපියල් කෝටි 15,500කට අධික ආදායම් බදු කපාහැරීම හරහා වාසිය හිමිවුයේ සාමාන්‍ය ජනතාවට නොව රජයට හිතවත් මහා පරිමාණ ව්‍යාපාරිකයින් අතලොස්සක් සඳහා පමණක් බවයි.
© lankatruth.com
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට