Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රටට ඉන්ධන ගන්න සල්ලි තියනවා : රාජපක්ෂලා මේ ගහන්නේ වෙන ගේමක්

රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය තරමට මුදල් ශ්‍රී ලංකාව සතු බව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) ‌‌‌‌‌‌‌ ජේෂ්ඨ උපදේශක (හිටපු) ශාන්ත ජයරත්න මහතා  පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සංවාදයකදී ඔහු සඳහන් කරන්නේ අවශ්‍ය මුදල් තිබියදීත් රාජපක්ෂ ආණ්ඩුව ඉන්ධන අර්බුදය විසඳීම සැලසුම් සහගතව ප්‍රමාද කරමින් සිටින බවයි.

ඒ හරහා රාජපක්ෂ පාලනය බලාපොරොත්තුවන යටි අරමුණක් පිළිබඳවද ඔහු විසින් කරුණු හෙළි කරනු ලැබුවා.

අර්බුදය හමුවේ රටේ පාලනය සම්බන්ධයෙන් සිදුව ඇති විදෙස් අත පෙවීම් කිහිපයක් පිළිබඳ කරුණු හෙළිකළ ජයරත්න මහතා එම මැදිහත් වීම් ඉතා තීරණාත්මක බලපෑමක් ශ්‍රී ලංකාවට ඇති කරන බවද පෙන්වා දුන්නා.

රටේ පවතින ඉන්ධන අර්බුදය ප්‍රමුඛ ව්‍යාකුලත්වය හමුවේ රටේ ජනතාව නිර්වින්දනය වී ඇති පසු බිමක ක්‍රියාත්මක රාජපක්ෂ ව්‍යාපෘතියක් පිළිබඳව ඔහු කරුණු හෙළි කළා.

ශාන්ත ජයරත්න මහතා ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක කමිටුවේ ද සාමාජිකයෙක්

About The Author