Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රජ ඇල අමුණත් සුද්ද කරයි

වසර ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක්ව නොතිබූ නාවලපිටිය ආසනයේ ගඟ ඉහළ කොරළේ ගම්පොලවෙල රජ ඇල අමුණ ප්‍රතිසංස්කරණය කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යය දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාවට නංවා ඇති වාරි සෞභාග්‍යා වැඩ සටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

1938 ආරමභ කර ඇති රජ ඇල අමුණ අවසන් වරට ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ 1994 වසරේදී යි.

මෙම අමුණ සංවර්ධන කිරීම සදහා වාරිමාර්ග අමාත්‍යංශය වෙන් කරන ලද ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 15 ක්.

අමුණ සංවර්ධනය කිරීම තුළින් අක්කර 1100ක භුමි ප්‍රමාණයක වගා කිරීම් කටයුතු සිදු කළ හැකි බවයි පැවසෙන්නේ.

මෙමගින් උලපනේ උතුර, උලපනේ දකුණ, උඩගම, තැබිලිගල, හලාගම, උඩමාකේ,ජයමාලපුර,ගම්පොලවෙල ඇතුලු ප්‍රදේශ කීපයක් මෙම වාරි පද්ධතිය හරහා නැවත අස්වැද්දීමට නියමිතයි.

© වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ඒකකය

About The Author