වත්මන් ආණ්ඩුවෙන් වින්දිතයින්ට සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ
වත්මන් ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු නොවන බවත්, නව ආණ්ඩුවක් යටතේ හෝ සාධාරණය ඉටුවන තෙක් බලා සිටීමට සිදුවන ඇති බවත් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණෝ සදහන් කරනවා.
උන්හන්සේ පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව නීතිය විහිළුවට ලක් කොට ඇති බවයි.
එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කළ ජනපති කොමිසමේ වෙළුම් කිහිපයක් ආණ්ඩව සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සගවාගෙන සිටින බව ද උන්වහන්සේ සඳහන් කරන්නට යෙදුණා.
ඒ පාස්කු ප්‍රහාරයට අදාළ ප්‍රකාශිත සියලු කොමිසන් සභා වාර්තා අධ්‍යයන කරමින් ජාතික කතෝලික ජනසන්නිවේදන කොමිසම විසින් සම්පාදනය කරන ලද “තිත” නම් ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට