ජනාධිපතිවරයා පත්වී සැලකිය යුතු කාලයක් ගත වුවත් රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට පාර්ලිමේන්තුවට කිසිදු වැඩපිළිවෙළක් තවම ඉදිරිපත් කර නොමැති බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දළ රාමුවක්, දළ අදහසක් ඉදිරිපත් කළත්, කළ යුත්තේ කුමක්ද? කෙසේද? කවදා ද? යන්න සම්බන්ධයෙන් කිසිවක් දැනුවත්ව නොමැති බවයි ඔහු මෙහිදී පෙන්වා දී ඇත්තේ.
ණය උගුලෙන් මිදීම සඳහා අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් සැලැස්මක් ආර්ථිකය ගොඩනැගීමට ඉදිරිපත් කරන ලෙස රජයට අවධාරණය කරන බව මන්ත්‍රීවරයා ඉකුත්දා (15) වැනිදා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර තිබෙනවා.
ආර්ථිකය කෙටිකාලීනව ගොඩගැනීම සඳහා විපක්ෂය කරුණු 10 ක අවම පොදු වැඩපිළිවෙළක් රජයට ඉදිරිපත් කර ඇති බවත් ඔහු සදහන් කළ බවයි වාර්තාවන්නේ.
අරගලය බලාපොරොත්තු වු ක්‍රමවේදයේ වෙනසක් වුවත් එවැනි කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් රාජපක්ෂලාගේ හොල්මන් හරහා නැවතත් රජයේ වැඩ කටයුත්ත ඉදිරියට යන බවක් පෙනෙන්නට තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කිරීම විශේෂත්වයක්.
විපක්ෂයේ මන්ත්‍රීවරයකුට ප්‍රථම වතාවට රජයේ මුදල් කාරක සභාවේ සභාපතිකම ලබා දීමට ගෙන ඇති තීරණය පිළිබඳ තමන් සතුටු වන බවත් මේ හරහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.
රට ගොඩගැනීම සඳහා ඇමැතිවරයකු විය යුතුම නැතැයි යන්න මෙම තනතුර හරහා ඔප්පු කර පෙන්වීමට තමන් බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
වත්මන් පාර්ලිමේන්තුවෙන් සැබෑ ජනමතය නියෝජනය නොවන බවත් ජනමතය නියෝජනය වන අලුත් පාර්ලිමේන්තූවක් 2023 මාර්තු මාසෙන් පසු පත්කරන තෙක් මෙම දායකත්වය ලබා දෙන බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?