Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රජයට බිලියන 1.5 පොල්ලක් තැබූ අර්ජුන් අලෝසියස්ගේ මත්පැන් සමාගමට දෙඤ්ඤං කාසි වලට යළිත් බලපත්‍රය දීලා

මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්‍ර නිකුත්කර ඇති බව වාර්තා වේ. එම සමාගම විසින් රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් 2018 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අවලංගු කිරීමට පියවර ගෙන තිබුණා.

අවලංගු කරන ලද බලපත්‍රය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන් වීමෙන් පසු, වසර දෙකක් තුළ හිඟ බදු මුදල නැවත ගෙවීමේ එකඟතාවක් මත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රය නැවත නිකුත් කෙරුණු අතර 2021 ජුනි මස 01 වන දින යළි එම බලපත්‍රය අහෝසි කර තිබුණා.

මෙන්ඩිස් සහ සමාගම විසින් රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්‍රමාණය මෙතෙක් ගෙවා නොමැති අතර, එම බදු ඉදිරියේදී ගෙවීමේ පදනම මත දෙපාර්තමේන්තුව විසින් මෙලෙස යළිත් බලපත්‍ර නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 04ක ණය මුදලක් පැහැර හැරීම සම්බන්ධයෙන්ද මෙන්ඩිස් සහ සමාගමට එරෙහිව නඩුවක් ද පවරා තිබෙනවා.

2015 පෙබරවාරි 27 වැනි දින ආන්දෝලනාත්මක මහබැංකු ගණුදෙනුව සිදු වූ අතර එවකට මහ බැංකුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවති අතර එහි ප්‍රධානියා ලෙස සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කරනු ලබා තිබුණා.

බැඳුම්කර සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වූයේ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතායි.

About The Author