දිවයින පුරා පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගන්නා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කර තිබෙනවා.
කොවිඩ්-19 ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ දැනට පවත්වාගෙන යනු ලබන ඇදන් 200 කින් සමන්විත බිඳුණුවැව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ ඇදන් 190 වකින් සමන්විත කහගොල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අමතරව ස්ථාපිත කළ මෙම නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇදන් 260 කින් සමන්විතයි.
මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය රෝගීන් සඳහා නවාතැන්, වෛද්‍ය, සනීපාරක්ෂක සහ විනෝදාස්වාද (රූපවාහීනි) පහසුකම් වලින් ද යුතු බවයි සඳහන් වන්නේ.
ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ඌව පළාත් සභාව, පළාත් සභා මන්ත්‍රිවරුන්, බදුල්ල නගරසභා බලධාරීන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සහ එහි කාර්ය මණ්ඩලය, ප්‍රාදේශීය කළමනාකරු සහ බදුල්ල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ දායකත්වය ද හිමි ව තිබෙනවා.
එම ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරක්ෂක සේනා ආඥාපති – මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ළමාහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදීම අද(23) සිදු කෙරුණා.
ආරක්ෂක සේනා ආඥාපති – මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ළමාහේවාගේ සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ මඟපෙන්වීම යටතේ 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක ගේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ඉතා කෙටි කාලයක් තුළ බදුල්ල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය භාරයේ ඇති ඇගලුම් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කල බවයි යුධ හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්