යුක්රේන රුසියානු යුද්ධයේ ම්ලේච්ඡතම සිදුවීම පසුගිය බදාදා දිනයේ දී වාර්තා විය.
ඒ යුක්රේන මාතෘ රෝහලකට රුසියානු බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් තුවාල ලැබූ ගැබිණි කාන්තාවක් සිය බිළිඳා සමඟ ම මියගොස් ඇති බව වාර්තා වීමත් සමඟ යි.
පසුගිය බදාදා මරියුපෝල්හි සිදු වූ මෙම ගුවන් ප්‍රහාරයෙන් පසු අවම වශයෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ගැබිණි කතුන් හා ළදරුවන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.
දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වූ අදාළ කාන්තාව ප්‍රහාරයෙන් පසු වෙනත් රෝහලකට රැගෙන යන ලදී.
ඇගේ දරුවා සිසේරියන් සැත්කමකින් උපත ලැබූ නමුත් ජීවිතයේ කිසිදු සලකුණක් පෙන්වා නොතිබිණි.
ශල්‍ය වෛද්‍ය තිමූර් මැරින් පවසා තිබුණේ කාන්තාවගේ ශ්‍රෝණිය තැලී ඇගේ උකුල වෙන් වී තිබූ බවයි.
වෛද්‍යවරුන් පැවසුවේ ඔවුන් ඇගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ දී තම දරුවා අහිමි වන බව වටහා ගත් පසු ඇය “දැන් මාව මරලා දාපල්ලා!” යනුවෙන් කෑගැසූ බවයි.
වෛද්‍යවරුන් විසින් මව නැවත පණ ගැන්වීමට උත්සාහ කළ නමුත් එය ද මිනිත්තු 30කට පමණ පසු බලාපොරොත්තු රහිත විය.
කෙසේ නමුත් රුසියානු තානාපති කාර්යාලය ඔවුන්ගේ ට්විටර් පණිවුඩ මගින් (පදනම් විරහිත ව) ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේ රෝහල ක්‍රියාත්මක නොවූ බවත්, අදාළ තුවාල ලැබූ කාන්තාව ඇතුළු පිරිස නළු නිළියන් බවත්ය.
බෝම්බ ප්‍රහාරයට පසුදා අදාළ රෝහලේ සුන්බුන් අතරින් පැන යන තවත් ගැබිණි කාන්තාවක් උදාහරණයට ගනිමින් තානාපති කාර්යාලය මෙම ප්‍රකාශය නිකුත් කර ඇති බව පෙනේ.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්