පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට නිසි දඩුවම් ලබා දීම ප්‍රමාද කිරීමට එරෙහිව කටුවපිට්යේ කතෝලික ජනතාව අද විරෝධත්වයක නිරත වුයේ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ පැමිණි මගද අවහිර කරමින්.
උන්වහන්සේ කටුවපිටිය දේවස්ථානයට පැමිණෙන බව කල්තියා දැනගත් ප්‍රදේශයේ ජනතාව මෙලෙස විරෝධතාවය පල කර තිබෙනවා.
එහිදී විරෝධතාකරුවන් පැවසුවේ කාදිනල් හිමියනි කිසිවෙකුට බිය නොවී සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ලෙසයි.
සියලු කතෝලික ජනතාව කාදිනල් හිමිපාණන් සමගින් සිටින බවද සඳහන් කළා.
එමෙන්ම වේදනා සිහිකරමින් ඔවුන් සැමවිටම හඬා වැටෙන බවද ඔවුන් සඳහන් කළා.
එහිදී අදහස් දැක්වූ කාදිනල් හිමියන් සඳහන් කළේ “ඔයාලා විතරක් නෙමෙයි අපිත් අඬනවා. එහෙම කිසිම අසාධාරණයක් කරන්න ඉඩ තියෙන්නේ නෑ. පාස්කු කොමිසමේ වාර්තාව අපි ඉල්ලුවා. ඒක ලැබෙනකල් මම ඉන්නේ. නමුත් කමිටු තාලා තමන්ට අවශ්‍යයි කියන දේ තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය අපි පිළිගන්නේ නෑ. අපි ඉල්ලන්නේ මේ වාර්තාව සම්පූර්ණයෙන් එළදරව් කරන්න. වාර්තාවේ තියෙන සමහර දේවල් හංගන්න එපා. එතකොට අපි තීරණය ගන්නම් කරන්න ඕනේ දේ. යම් ආකාරයට රජය බයවෙලා මේක හංගනවා කියලා හැඟීමක් අපිට එනවා. කමිටුව අපි පිළිගන්නේ නෑ. නිලධාරින් ටික දෙනෙක්ව හිරේ දාලා මේකට පිටුපසින් ඉන්න බලවේග හංගන්න දෙන්න බෑ. “ යනුවෙනි.
යම් හෙයකින් එයට සාධාරණයක් ඉටු නොවන්නේ නම් මීළග පියවර කුමක්දැයි මාධ්‍යවේදියෙකු එහිදී උන්වන්සේගෙන් ප්‍රශ්න කළා.
එයට කාදිනල් හිමියන්ගේ ප්‍රතිචාරය වුයේ “අපි කිව්වා නේ අපි ජාත්‍යන්තරයට යනවා. “ යන්නයි.
මෙම අර්බුධය පිළිබඳ වතිකානුවේ පාප් වහන්සේව දැනුවත් කර ඇතිදැයි තවත් මාධ්‍යවේදියෙකු විමසා සිටියා.
“උන් වහන්සේලා දන්නවා. උන් වහන්සේලා සමග සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේම විවිධ සංවිධාන තියෙනවා අපේ ජාත්‍යන්තර ඒවට කරුණු ඉදිරිපත් කරන්න අපි ලෑස්තියි.“ යනුවෙන් කාදිනල් හිමියන් ඊට ප්‍රතිචාර දැක්වුවා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්