යාපනය තෙලිප්පලෙයි පොලිස් බලප්‍රදේශයේදී 09 රාත්‍රියේ ආවා කල්ලියේ පහරදීමකින් පුද්ගලයින් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකල ආවා කල්ලි ප්‍රභලයෙකු 10 දින කඩුත් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
තෙලිප්පලෙයි මාර්ගයකදී ඊයේ රාත්‍රියේ මෙලෙස තියුණු ආයුධවලින් පහරදීම සිදුව ඇති අතර පහරදීම සිදුකරන ලද ආවා කල්ලි සාමාජිකයින් පිළිබඳව ලැබුනු තෙරතුරකට අනුව තෙලිප්පලෙයි අපරාධඅංශ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම් කාලයේදී විශේෂ වැටලීමක් සිදුකොට ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයෙකු අධිබලැති එන්ජින් ධාරිතාවයෙන් යුතු යුතුපැදි දෙකක් හා කඩු දෙකක්ද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු තෙලිප්පලෙයි ප්‍රදේශයේම සැකකරුවෙකු වන අතර සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී රාත්‍රිකාලයේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයින් සතු අධික වේගයෙන් ගමන්කල හැකි යතුරුපැදිද රැගෙන යන බවටද පවසා තිබෙනවා.
පහරකෑමෙන් තුවාල ලැබූවන් තෙලිප්පලෙයි රෝහලට අතුලත් කොට ඇති අතර සැකකරු යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
© වන්නි රොමේෂ් මධුෂංඛ
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට