යාපනය ගුරුනගර් ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් පසුගියදා (05) රාත්‍රියේ මසුන් අල්ලමින් සිටි ධීවර යාත්‍රාවක් අනවසරයෙන් යාපනය මුහුදු සීමාවට ඇතුල් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් විසින් අනතුරට ලක් කොට පහරදී පලා යාමේ සිදුවීමක් වාර්තාවනවා.
ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි ධීවරයින් තිදෙනෙකුගෙන් යුතු ධීවර යාත්‍රාවක් ගුරුනගර් මුහුදු සීමාවේදී මසුන් අල්ලමින් සිටියදී අනවසරයෙන් ගුරුනගර් මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් අදාළ ධිවර යාත්‍රාවේ තම යාත්‍රාව ගැටීමට සලස්වා තිබෙනවා.
ගැටුමෙන් අදාළ ධිවර්ක යාත්‍රාවට දැඩි හානි සිදුව ඇති අතර ඉන්දිය ධිවරයින්ට විසින් අදාළ ධීවරයින්ට පහරදී ඔවුන් මුහුදට ඇද දමා පලා ගොස් ඇතිබවයි පැවසෙන්නේ.
පසුව එම ධිවරයින් හානි වූ තම ධීවර යාත්‍රාවට ගොඩ වී උදව් ඉල්ලා ඇති අතර අසලින් යාත්‍රා කරමින් තිබු ධීවරයින් පිරිසක් විසින් එම ධීවරයින්ගේ දිවි බේරාගෙන ගුරුනගර් ධීවර ජැටිය වෙත රැගෙන විත් තිබෙනවා.
ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව ගැටීම හේතුවෙන් ගුරුනගර් ධීවරයින්ගේ යාත්‍රාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් ඉන්දීය ධීවරයින්ගේ පහරදීම් හා පීඩාවන්ට දිගින් දිගටම මුහුණ දීමට යාපනයේ ධිවරයින්ට සිදුව ඇති බවත් ගුරු නගර් ධිවර සංගමය පවසනවා.
© වන්නි රොමේෂ් මධුෂංඛ
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට