යාපනයේ සිදුකරමින් ඇති ඉදිකිරීම් ව්‍යාපෘතියක් අයත් භූමියේ චීන සමාගමක් විසින් චීන ජාතික ධජය ඔසවා ඇති බව වාර්තවනවා.
කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ සාමාන්‍ය තත්වයක් යටතේ එය නීතිවිරෝධී කටයුත්තක් බවත් මෙතෙක් තමන්ට එවන් සිදුවීමක් වාර්තා වී නැති බවත්ය.
එමෙන්ම මේ ගැන සොයා බැලීම එම ඉදිකිරීම අයත් වන පළාත් පාලන ආයතනයෙන් වගකීමක් යයිද ඒ මහතා සඳහන් කර තිබෙනවා.
කෙසේ නමුත් විශේෂ අවස්ථාවකදී තම මව් රටේ ජාතික ධජය එසවීම අවස්ථාව හිමි වන නමුත් ඊට අදාළ පළාත් පාලන ආයතනයේ අවසරය ලබා ගත යුතු යැයි ද විදේශ ඇමතිවරයා සදහන් කර තිබෙනවා.
ඊට කිසියම් ගෙවීමක් කළ යුතු බවත් මෙහිදී එම ක්‍රියාපටිපාටිය නිසි ලෙස සිදු වී ඇත්දැයි සොයා බැලිය යුතු බවත් ඔහු පවසනවා.
© මුලාශ්‍රය – Daily mirror


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට