පාසල් සංවර්ධනය සදහා පසුගිය රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘතියක් අත්හැර දැමීමෙන් රටේ ජනතවගේ බදු මුදල් අවභාවිත කර ඇති බවට වර්තමාන රජයට චෝදනා එල්ලවී තිබේ.
“රජයන් වෙනස්වීමේ දී තම ව්‍යාපෘති ගැන අවධානය යොමු කරනවා විනා පැවති ව්‍යාපෘති නතර කිරීම හෝ අතහැර දැමීම මහජන මුදල් අවභාවිත කිරීමකි,” යන සිරස්තලය යටතේ දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් වන ලංකා ගුරු සංගමය විසින් මෙම චෝදනාව ආණ්ඩුව වෙත එල්ල කර තිබෙනවා.
පාසල් සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස පසුගිය රජය විසින් ‘ළඟම පාසල හොඳම පාසල’ නමින් ව්‍යාපෘතියක් දියත් කර තිබුණා. ලංකා ගුරු සංගමය පෙන්වා දෙන පරිදි, මෙම ව්‍යාපෘතිය සඳහා පැවැති රජය රුපියල් මිලියන 64950 ක් වෙන් කර තිබෙනවා.
එමගින් පාසල් 9063 ක ගොඩනැගිලි ඉදිකිරීම් ඇතුළු ව්‍යාපෘති 18000 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු අතර, ක්‍රියාත්මක වීම 2016 වසරේ සිට 2020 වසර දක්වා වසර 4 ක කාලයකට සැලසුම් කර තිබු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.
එම සංගමය මැයි 20 බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයක සදහන් පරිදි වර්තමාන රජය බලයට පැමිණීමත් සමග මෙම ව්‍යාපෘතිය ක්‍රමානුකූලව අත්හැර දමා ඇති අතර, මේ වන විට පාසල් 700 කට වැඩි සංඛ්‍යාවක ඉදිකිරීම් කටයුතු ඇතුළු සියලූ කටයුතු නරත වී ඇති බවද දක්වා තිබෙනවා.
“මේ වන විට ගොඩනැගිලි කොන්ත්‍රාත් කරුවන් පාසල්වලින් තම උපකරණ ද ඉවත් කොට ගෙන ඇති අතර, පාසල් ගණනාවක ඉදිකිරීම් අත්හැර දමා තිබේ. එසේ අත්හැර දැමූ ගොඩනැගිලි පාසල්වලට බරපතල බරක් වී ඇත. සමහර ගොඩනැගිලි ඉදි කරන ලද්දේ පැවති ගොඩනැගිලි ඉවත් කිරීමෙන් පසු නව ගොඩනැගිලි ඉදිකිරීම යටතේය. ඒ අනුව ඉඩකඩ පිළිබඳ ප්‍රශ්න ද පාසල් තුළ මතු වී ඇත.”
එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති කාර්යාලය ද මේ වන විට වසා දමා ඇති බව ස්ජ්ටාර්යෙලින්ෂ්ඨ මහතා පෙන්වා දෙනවා.
ඔහු පෙන්වාදෙන පරිදි මෙම ව්‍යාපෘතියේ 40% ක මුදලක් 2016 වසරේ දීම පළාත් සභාවලට නිදහස් කර ඇති අතර
මෙම ව්‍යාපෘතිය තුළ සිදු වූ සමහර වංචා සහගත තත්වයන් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට ද පැමිණිලි කොර ඇත. “නිදසුනක් ලෙස නාච්චදුව සිංහල ප්‍රාථමික විද්‍යාලය නමින් පාසලක් නොමැති අතර, ඒ සඳහා ගොඩනැගිල්ලකට මුදල් වෙන් කිරීම ද, තිරප්පනේ මහානාම විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකට රුපියල් මිලියන 24 ක් වෙන් කොට තිබුණ ද මේ වන විට එහි ඇත්තේ මුල්ගලට හාරන ලද වල පමණක් වීම දැක්විය හැකිය. මෙම කරුණු මෙන්ම උතුරුමැද පළාතේ මෙම ව්‍යාපෘතියට අදාළ පාසල් 2020 ක කරුණු සම්බන්ධයෙන් විගණනක් ද සිදු කොට ඇත.
” ජනතාවගේ බදු මුදලින් මේසා විශාල ව්‍යාපෘතියකට වෙන් කළ මුදල් මෙසේ අවභාවිත වීමට ඉඩ හැරීම බරපතල ගැටලූවක් ලෙසින් පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ ආණ්ඩු වෙනස්වීමේ දී තම ව්‍යාපෘති ගැන අවධානය යොමු කරනවා විනා පැවති ව්‍යාපෘති නතර කිරීම හෝ අතහැර දැමීම මහජන මුදල් අවභාවිත කිරීමක් ලෙසිනි.
ජාතික පාසල් දහසක් !
වත්මන් ආණ්ඩුව යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට ජාතික පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීම නමින් ව්‍යාපෘතියක් පෙරට දමා පාසලකට රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් ලබාදෙන බව පවසමින් පාසල් පුවරු පමණක් ලබාදෙමින් තිබෙන්නේ රුපියල් මිලියන 64950 ක ව්‍යාපෘතියක් නිසි ඇගයීමකින් තොරව අතහැර දමමින් බවට ලංකා ගුරු සගමය චෝදනා කරනවා.
කොන්ත්‍රාත්කරුවන්ට මුදල් නොගෙවීම් ඇතුළු වෙනත් හේතු මත පාසල්වල ඉදිකිරීම් අතරමග ඇණහිටින තත්වය පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු අතර, නිසි ඇගයීමකින් තොර ප්රචාරණවාදී ව්‍යාපෘති වෙනුවට අධ්‍යාපන පද්ධතියට ඵලදායී වන ක්රියාකාරීත්වයකට යාම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමක් බව ලංකා ගුරු සංගමය සිය නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?