Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යන්න කිව්වේ ජනපතිටයි ගෙදර ගියේ ඇමතිවරුයි : ජනපතිගේ විද්‍යාත්මක ඇමති මණ්ඩලේම ගෙදර යයි

නව ඇමති මණ්ඩලයක් අද දිවුරුම් දෙන බවත් සැලයි

ජනතා ප්‍රශ්න වීමට අසමත් වීම හේතුවෙන් ජනතා විරෝධයට ලක්වූ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සියලු දෙනාම ඉල්ලා අස්වී තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම මුලින්ම ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ සිය ට්විටර් ගිණුම හරහායි.

ඊයේ(03) අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමක් ඉන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය බව ද දැනගන්නට තිබෙනවා.

කිසිවිටෙක ජනතා විරෝධය එල්ල වුණේ ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බව පවසමින්.

එමෙන්ම 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ගොඩක් මේ රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පත් කළ සහ අවස්ථා ගණනාවකදී සංශෝධනයට ලක් කරන ලද සුවිශේෂී අමාත්‍ය මණ්ඩලය ද මෙයයි.

About The Author