Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යනව නම් යන්න අප්පා නිකං කහින්නේ නැතුව : අගමැති මහින්දගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසකට කියයි

සෙට් එක අවුල් – ෆිට් එකේ ඉන්න බෑ

වත්මන් ආණ්ඩුව තුළ රැඳෙමින් ජනතාව රවටමින් ආණ්ඩුව විවේචනය කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල , වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුව විවේචනය කරන මැති ඇමතිවරුන් නිකං කහින්නේ නැතුව ආණ්ඩුවෙන් ඉවත්ව යා යුතු බව මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධිකාරක ශිරාස් යූනුස් මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව මේ වන විට බරපතල අවුලකට ලක්ව ඇති බවයි.

ජනපති සහ අගමැති අතර මත ගැටුමක්

මේ තත්වයට ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ වී ඇත්තේ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අග්‍රාමාත්‍යවරයා සතු බලතල ජනාධිපතිවරයා වෙත නතු කර ගැනීම බවයි ඔහු පවසන්නේ.

මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව තුළ නාමමාත්‍රික බලරහිත චරිතයක් බවට පත්ව ඇති බව ද යූනුස් මහතා පෙන්වා දෙනවා.

කුළියට කහින මුස්ලිම් දේශපාලන පක්ෂ සමග ආණ්ඩුවේ ඩීල්

බහුතරය සිංහල බෞද්ධ ඡන්දවලින් බලයට පත් වූ බව පවසන ආණ්ඩුව ඉතා සූක්ෂම ලෙස ජනතාව නොමග යවමින් රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම් වැනි මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයන් සමග ගනුදෙනු කරමින් සිටින බවද පවසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරකවරයා අවධාරණය කරන්නේ මේ තත්ත්වය සම්බන්ධයෙන් ටේ ජනතාව අප්‍රසාදය පළ කරන බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ Mee Massoo TV සමගින් විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ජනතාව විසින් දේශපාලකයන් උස්සා කුණු කූඩයක දමන දවස වැඩි ඈතක නැහැ

මෙම තත්ත්වය තුළ ජනතාව විසින් දේශපාලඥයන් උස්සා කුණු කූඩයට දමන දවස වැඩි ඈතක නැති බව දඔහු මෙහිදී සඳහන් කිරීම විශේෂත්වයක්.

මෙම සාකච්ඡාවේදී ආණ්ඩුවට සම්බන්ධ තවත් ආන්දෝලාත්මක කරුණු රැසක් ද මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධිකාරක ශිරාස් යූනුස් මහතා විසින් හෙළිදරව් කිරීම විශේෂත්වයක්.

සම්පූර්ණ වැඩසටහන පහලින් බලන්න..

About The Author