මම කියන අයට විතරක් එන්නත ගහන්න බැරිනම් ඔයා ගෙදර යන්නැයි කියා ස්ථාන භාර වෛද්‍යවරියට තග දමයි
මොරටුව ප්‍රදේශයේ පිහිටි කොරෝනා එන්නත් කරන මධ්‍යස්ථානයක අද ඉතා උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා විසින් ලබා දුන් තුණ්ඩුවකට අනුව එන්නත් ලබා දීම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
නගරාධිපතිවරයා සඳහන් කළේ එන්නත් කරණය සිදු කරනවා නම් තමන්ට අවශ්‍ය ක්‍රමවේදය අනුව එය සිදු කළයුතු බවයි.
නමුත් වෛද්‍ය නිලධාරිනිය සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තමන්ට ලබා දී ඇති උපදෙස් අනුව පමණක් එන්නත් කරණය සිදුකරන බවයි.
එහිදී උණුසුම් කතා බහක්ද නිර්මාණය වූ අතර, නගරාධිපතිවරයා තම රාජකාරියට බාධා කළ බව සඳහන් කරමින් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය පොලීසියට පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත් තම කාර්යාලයට ගිය නගරාධිපති සමන්ලාල් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ තමන් ජනතවගේ සෞඛ්යාරක්ෂිත බවද තහවුරු කරමින් සංවිධානය කර තිබු කටයුත්ත සෞඛ්‍ය අංශ විසින් කඩාකප්පල් කර දැමු බවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට