2020 මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද දිවුරුම් දෙනු ලැබුවා.
එසේ දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තු සභාව ඇමතීමට වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමද විශේෂත්වයක්.
මේ වන විට රට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවත්, ජාතන්තර මූල්‍ය අරමුදල වැනි පිළිගත් සංවිධාන මගහරිමින් රජය කටයුතු කරන්නේ කුමන බලාපොරොත්තුවක් සහිතව ද යන්න වහා මහජනතාවට හෙළි කළ යුතු බවත් ඔහු සිය ආරම්භක කතාවේදීම සඳහන් කළා.
කොරෝනා මර්ධනය සඳහා කැබිනට් මණ්ඩලයට පැවරී ඇති බලතල බැහැර කරමින් රටේ බොහෝ කටයුතු සඳහා හමුදාව මැදිහත් කරවීම මගින් ලංකාව මිලිටරි කරණයකට යොමු වෙමින් පවතින බවද පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා මෙම තත්ත්වය වහා වෙනස් කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළා.
රජය විසින් බදු සහන ලබා දී තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට නොව ධනවතුන් ආරක්ෂා කිරීමටද බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම සියලු ක්‍රියා වෙනස් නොවන්නේ නම් ඉදිරියේදී රට බරපතල අර්බුදයකට මුහුණ දීම අනිවාර්යයෙන් ම සිදු වන බවයි.
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් කැබිනට් මණ්ඩලයට බලය පවරමින් කොරෝනා මර්දනය සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ විවාදයක අවශ්‍යතාවයද මතු කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට