හිරුණිකාගේ ගෙදරට කරන්ට් කපන්නේත් නැතිලු : මෙන්න හේතුව හිරුණිකාම හෙළි කරයි
කාන්තාවන් රැසක් පැමිණ තමාගේ නිවස වට කරන තුරු පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් කුමක් සිදු කළා දැයි විමසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ සාමජිකයින්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති බව සමගි ජන බලවේගය පක්ෂයට අනුබද්ධ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
Mee Massoo TV සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මෙම කරුණු සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ විරෝධතාවය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොකළ කරුණු කිහිපයක්ම සඳහන් කිරීම විශේෂත්වයක්.
ජනපතිවරයාගේ නිවස වටලා විරුද්ධතාවය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද නොදැන සිටි බවයි ඇය සඳහන් කළේ.
මේ සඳහා සම්පූර්ණ උපදෙස් ලබා දෙනු ලැබුවේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් බව ද ඇය හෙළි කළා.
මෙහිදී 2020 වසරේ පැවති මහමැතිවරණයේ දී තමන්ගේ පරාජය පත් වීම සම්බන්ධයෙන් කිසිදිනක ආ හෙළි නොකළ සංවේදී කරුණක් ද හෙළි කිරීම විශේෂත්වයක්.
හිරුණිකාගේ ගෙදරට කරන්ට් කැපිල්ලක් නෑ
දැනට ක්‍රියාත්මක විදුලිය කප්පාදුව පිළිබඳ අදහස් පළකරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙහිදී සඳහන් කළේ මාලඹේ තම නිවස අවට ප්‍රදේශයට විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.
සරත් වීරසේකර විමල් වීරවංශ සහ සීතා අරඹේපොල යන අමාත්‍යවරුන් තම නිවස ආසන්නයේ පදිංචිව සිටීම හේතුවෙන් මෙය සිදු වන බවයි ඇය සඳහන් කළේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන භාවිතාව පිළිබඳව ද අදහස් පළකළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඔහු සර්වතෝභද්‍ර දේශපාලන නායකයෙකු නොවන බවද සඳහන් කළා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි