වත්මන් රජය නැවත උත්සාහ කරන්නේ පසුගිය කාලයේදී මෙන් සිරස මාධ්‍ය ආයතනයට ක්ලේමෝ බෝම්බ ගසන්න දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
ඔහු මේ බව අනාවරණය කළේ සිරස මාධ්‍ය ආයතනය සතු විකාශන බලපත්‍ර අහෝසි කිරීම සඳහා රජයේ ඉහළ පෙළේ කණ්ඩායමක් නීතීඥවරුන්ගේ ද සහය ලබා ගනිමින් සිදු කරන කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු හෙළි කරමින්.
ඒ සමගම සභාවේ දැඩි උණුසුම් ස්වභාවයක් නිර්මාණය වූ අතර විපක්ෂ නායකවරයාගේ එම ප්‍රකාශයෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ විරෝධතාවයකද නිරත වුණා.
336730