මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස තත්ත්වය අතිශයින් භයානක බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙනවා.
ඔහු පෙන්වාදෙන්නේ මේ වන විට කරන ලද පරීක්ෂණ වලට අනුව දැනට ව්‍යප්තවන්නේ නව වෛරස් ප්‍රභේදයක් බව තහවුරු වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,
“නව වෛරස් ප්‍රභේදයේ ජාන පෙළගැස්ම නිශ්චිතව හඳුනා ගැනීමට තවත් දින කිහිපයක් ගතවන බවයි දැනුම් දී තිබෙන්නේ. දැනට කරපු පරීක්ෂණවලින් පැහැදිලියි නව වෛරස් ප්‍රභේදයක් තමයි මතු වෙලා තියෙන්නේ.
ඒක බොහෝ දුරට බ්‍රිතාන්‍ය කෙන්ට් ප්‍රදේශයෙන් පැතිර ගිය වෛරස් ප්‍රභේදයට සමාන එකක් බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. ස්පුට්නික් එන්නත තව දින කිහිපයකින් අපේ රටට ළඟා වෙනවා. එවිට දෙවන අදියර ආරම්භ කිරීමට නියමිතයි ස්පුට්නික් එන්නතත් සමඟ.
ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති 2ක ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ සයිනොෆාම් එන්නත ඔවුන්ගේ හදිසි ලැයිස්තුගත කිරීම් යටතට පත් කරයි කියලා.
ලංකාවට මේ වනවිට ලක්ෂ 6ක් ලැබි තිබෙනවා සයිනොෆාම් එන්නත්.
ඒකෙත් 4000ක පමණ ප්‍රමාණය තමයි ලංකාවේ සිටින චීන ජාතිකයින්ට ලබා දී තිබෙන්නේ.
ඉතිරි එන්නත් ප්‍රමාණය ශ්‍රී ලාංකිකයිට ලබාදීම සඳහා අපි කටයුතු කරනවා. වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අපි ඉතාම සිරුවෙන් කටයුතු කරනවා.
එම තත්ත්වය පාලනය කිරීම සඳහා අප රටේ සියලුම භෞතික සම්පත් සහ මානව සම්පත් යොදවලා තියෙනවා.
එය සාර්ථක කරගැනීම සඳහා ජනතාවගෙන් අප විශේෂ සහායක් බලාපොරොත්තු වෙනවා. සති අන්තයේ නිවෙස්වල රැඳී සිටින්න.
මේ යන්නේ නව ප්‍රභේදයක්. වෛරසය වෙනදාට වඩා ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. රෝග ලක්ෂණ එන්නේ ශරීරයේ පෙනහළුවලට යම් හානියක් සිදුවුණායින් පස්සේ.
ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එම තත්ත්වය පාලනය කරගැනීම සඳහා අපිට සහයෝගය ලබා දෙන්න.”
යනුවෙන්ද පැවසීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට