Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මෙහෙයවුයේ බදියුදීන් සහ හිස්බුල්ලා , ත්‍රස්තයින් ආරක්ෂා කලේ මුජිබර් , පොලිසියට බලපෑම් කළේ සාලි – පාස්කු ප්‍රහාරයේ සුලමුල විජේදාස කියයි

පාස්කු ප්‍රහාරය මෙහෙයවූයේ රිෂාඩ් බදියුදීන් සහ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්  හිස්බුල්ල යන මහත්වරුන් විසින් බවත් ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව ලබා දුන්නේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

පසුගියදා (14) ඇඹුල්දෙනියේ පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමා අන්තවාදීන් පිළිබඳ කළ හෙළිදරව්වෙන් පසු ඇමති ධුරයෙන් ඉවත් කරදැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේද එම මුස්ලිම් මැතිඇමතිවරුන්ගේ බලපෑම මත බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය..

“එදා අපේ රටේ එක ත්‍රස්තවාදියෙක්, වහබ්වාදියෙක් නැහැ කියපු රිෂාඩ්ගෙන්, හිස්බුල්ලාගෙන්, මුජිබර්ගෙන්, රාජිතගෙන් අපි අද අහනවා පාස්කු ඉරිදා මියගිය අයගේ ජීවිතවලට වගකීම භාරගන්නවා ද කියලා. පාර්ලිමේන්තුවේ හිටියා මුස්ලිම් මන්ත්‍රිවරු 17ක්. එදා ඒ අය අගමැතිට බල කළා. විජේදාස රාජපක්ෂව අධිකරණ ඇමති ධූරයෙන් ඉවත් නොකළොත් අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා. රනිල්ට වටින්නේ රටට වඩා බහුතරය. මුස්ලිම් ඡන්ද අහිමි වෙයි කියන බයට, මාව ඇමති මණ්ඩලයෙන් ඉවත් කළා. පොලීසියට බලය තියෙනවා පාස්කු ප්‍රහාරය මෙහෙයවපු දේශපාලනඥයින් සොයාගන්න. ඒක මම කලින් පාර්ලිමේන්තුවේදි කිව්වා. මේක මෙහෙයවූයේ රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා කියලා මම දැනුත් කියනවා. ත්‍රස්තවාදින් ආරක්ෂා කළේ මුජිබර් කියලා මම දැනුත් කියනවා. ත්‍රස්තවාදීන් වෙනුවෙන් පොලීසියට බලපෑම් කළේ අසාද් සාලි කියලා මම දැනුත් කියනවා. එහෙනම් මොකක්ද මේක හොයාගන්න පොලීසියට තියෙන ප්‍රශ්නය”

About The Author