Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

‘මෙලොව දෙයක් නොදන්න ඇමති විදුර කරන්නේ මාධ්‍ය සංදර්ශන, මම කලකිරුණා’ – ඉල්ලා අස්වූ පුරාවිද්‍යා කොමසාරිස් සියල්ල හෙළිකරයි

වත්මන් ආණ්ඩුව විසින් පුරා විද්‍යා විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර ඇති විදුර වික්‍රමනායක මහතා කිසිත් නොදන්නා මාධ්‍ය සංදර්ශන පමණක් සිදු කරන පුද්ගලයෙකු බව හිටපු පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කරනවා.

ඔහු පවසන්නේ තමා ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මාධ්‍ය ඉදිරිපිට බැනවදින අමාත්‍යවරයා මාධ්‍යවේදීන් පිටව ගිය පසු නිලධාරීන්ගෙන් කරුණු විමසා කණගාටුව පළකරන බවයි.

මෙවැනි ආකාරයෙන් හැසිරෙන අමාත්‍යවරයෙකු සමග වැඩ කිරීමට නොහැකි බැවින් තමා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ධුරයට සමුදුන් බවයි.

එමෙන්ම තමන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ කාලසීමාව තුළ අමාත්‍යවරුන් වැඩි වශයෙන් තමන්ට බලපෑම් කර ඇත්තේ නිදන් හොරුන් බේරාගැනීමට බවද සඳහන් කළා.

අටමස්ථානය වෙනස් කොට නමස්ථානයක් ලෙස ඉදිවන සඳහිරු සෑය පිළිබඳ අදහස් පලකළ සෙනරත් මහතා සඳහිරු සෑය සඳහා සුදුසු බිමක් සොයා යාමේදී පුරා වස්තු මතුවූ අයුරුද හෙළිකළා.

සෙනරත් දිසානායක මහතා මේ අදහස් පල කළේ මී මැස්සෝ TV යුටියුබ් නාලිකාව සමග විශේෂ අනාවරණයක් සිදු කරමින්.

About The Author