Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මුස්ලිම් නොවන අයට වාසය කිරීමට, දේපළ මිලදී ගැනීමට, ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි නගරයක් ලංකාවේ..

මුස්ලිම් නොවන අයට වාසය කිරීමට, දේපළ මිලදී ගැනීමට, ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි ලංකාවේ ඇති නගරයක් පිළිබඳ හෙළිව තිබෙනවා.

ඒ පාස්කු ප්‍රහාරය විමර්ශනය සඳහා පත්කළ කොමිසම් වාර්තාවෙන්.

මඩකළපුව නගරයට කිලෝමීටර් 4ක් දකුණේ පිහිටි කාත්තන්කුඩි නගරය සුවිශේෂ බවත් එය දිවයිනේ ඇති එකම මුස්ලිම් නගරය බවත් කොමිෂන් වාර්තාවේ සඳහන් කර ඇත. මුස්ලිම් නොවන අයට කාත්තන්කුඩියේ වාසය කිරීමට, දේපළ මිලදී ගැනීමට හෝ ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි බවද එහි සඳහන් වේ. කාත්තන්කුඩිය වර්ග කිලෝමීටර එකක පමණ භූමි භාගයක මුස්ලිම් පල්ලි 65ක් පමණ තිබෙන බවත් එම ප්‍රදේශයේ 50,000 ක පමණ මුස්ලිම් ප්‍රජාවක් සිටින බවත් කොමිෂන් වාර්තාව පෙන්වා දෙනවා.

ලංකාවේ නැගෙනහිර පළාතේ අනෙකුත් නගරවලට වෙනස් දර්ශනයක් මෙම නගරයේ දැකිය හැකි බවත් එහි වීදිවල කාන්තාවන් දක්නට නොලැබෙන බවත් කොමිෂන් සභා වාර්තාවේ සඳහන්.

About The Author