මුතුරාජවෙල තෙත්බිම් ගොඩ කිරීමට එරෙහිව විරෝධතාවයක නිරත වු ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුලූ දෙදෙනකු පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධිකරණය නියෝගවලට පටහැනිව සහ නීරෝධායන නීති උල්ලංඝනය කර විරෝධාතාවේ නිරත වීම ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.
අද දහවල් ජාඇල නගරය ආසන්නයේ දී පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබු අතර නිරෝධායන නීති කඩකළ බවට චෝදනා කරමින් අද දිනය තුළ පමණක් ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුම පොලිස් අත්අඩංගුවට පත්වීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට