දැනට සති කිහිපයකට පෙර ගිනි ගෙන ඇවිළුණු ඉතාලියේ එට්නා ගිනි කන්ද දින කිහිපයක් විවේකයක් ලබා ගැනීමෙන් පසු නැවත ඇවිළීමට පටන් ගෙන තිබේ.
භයානක අන්දමින් ලාවා ගලා යන ආකාරය පිළිබඳ රූපරාමු මේ වන විට ලොව පුරා ජනතාවගේ ඇසට කඳුළක් එත් කිරීමට සමත් ව ඇත.
එට්නා මෙලෙස දිගින් දිගට ම ඇවිළුණහොත් එය පිහිටා තිබෙන සිසිලිය නගරයට දැඩි අනතුරක් එල්ල වනු ඇති බව පෙනේ. එසේ වුවහොත් මින් පෙර ගිනි කඳු පිපිරීමකින් සම්පූර්ණයෙන් විනාශ වූ පොම්පෙයි නගරය මෙන් සිසිලිය ද විනාශ වී යනු ඇති බවට බලධාරීහු අනතුරු අඟවති.
කෙසේ වුවත් සිසිලියේ නගරවාසීන් නම් සිටින්නේ ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නැත්තා සේ ය. ඔවුන් පවසන්නේ බලධාරීන්ගේ අනතුරු ඇඟවීම තමන්ට දැනෙනුයේ විහිළුවක් ලෙස බව යි. තමන් මේ වන විටත් ගිනි කන්දේ සුන්දර දර්ශනය නරඹමින් ඉතා ප්‍රීතියෙන් කල් ගෙවන බව ඔවුහු පවසති.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර