හදිසි අවස්ථා නීතිය බලාත්මක කිරීම සහ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙනුත් පැහැදිලි කිරීමක්
පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පිහිටි නිවසට මහජන විරෝධතාවෙන් සහ එය පාලනය කිරීමට යාමේ දී ඇති වූ ගැටුම හේතුවෙන් සිදුව ඇති පොදු දේපළ හානිය පිළිබඳ තක්සේරුවක් ද එම නිවේදනයෙහි ඇතුළත් වුණා.
එම නිවේදනය පහළින්..
භාෂණයේ හා ප්රකාශනයේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය ඇතුළු ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් තහවුරු කොට ප්‍රවර්ධනය කිරීම රජය ප්‍රතිඥා දී පිළිගෙන ඇති ප්රතිපත්තියකි. පසු ගිය වසර දෙකට වැඩි කාලය තුළ ඒ බව ප්‍රායෝගිකව සනාථ කර ඇත.
වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසු කිසිදු සාමකාමී උද්ඝෝෂණයකට හෝ විරෝධතා පෙළපාලියකට හෝ බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නැත.
ඇතැම් අවස්ථාවක විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් ජනාධිපති කාර්යාලයට කැඳවා ප්‍රශ්න සාකච්ඡා කොට විසඳුම් දෙනු ලැබීය. විරෝධතා හා උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය සමීපයේ වෙනම භූමි භාගයක් පවා වෙන් කෙරිණ.
පසුගිය මාර්තු 31 බ්‍රහස්පතින්දා මිරිහාන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවේදී ඇතැම් පිරිස් කලහකාරී ලෙස හැසිරෙමින් මහජන හා පෞද්ගලික දේපලවලට අලාභහානි කළහ. ඇතැමෙකුට තුවාල සිදුවිය. දේපල හානිය රුපියල් මිලියන 39 කි.
පිළිගත් නෛතික ප්‍රතිපාදන ප්‍රකාර හදිසි නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ ජනජීවිතය, මහජන සාමය සහ මහජන හා පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිවය.
මොහාන් සමරනායක
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට