PCR කට්ටල මිලට ගැනීමේදී රුපියල් කෝටි 12 වංචාවක්
කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය කට්ටල වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරුවකුගෙන් මිලට ගැනීම හේතුවෙන් රජය ලක්ෂ 1250ක් අලාභයක් සිදුව ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරනවා.
2020 අප්‍රේල් මාසයේදී මෙම මිලට ගැනීම සිදු කර තිබෙන බවද වාර්තවනවා.
එම කාලයේ දී වෙළඳපොලේ එක කට්ලයක මිල රුපියල් 1850 ක් වූ අතර අඩු මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරු ප්‍රතික්ෂේප කරමින් වෙනත් සැපයුම්කරුවකුට වාසි වන ලෙස එම ටෙන්ඩරය ලබා දී ඇති බවද විගණන විමසුමේදී හෙළිව තිබෙනවා.
මේ හේතුවෙන් රටට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 1250 ක් බවයි අනාවරණය වී ඇත්තේ.
අදාළ වාර්තාව කතානායකවරයා වෙත භාරදී තිබෙනවා.
විගණන වාර්තා වල ඉතිහාසය
මේ ආකාරයෙන් විවිධ අක්‍රමිකතා සහා වංචා දූෂණ පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව, කෝපා සහ කෝප් කමිටු විසින් සිදු කළ හෙළිදරව් වූ රැසක් වර්තමානයේ දී මෙන්ම අතීතයේදී ද කතානායකවරුන් සහ පාර්ලිමේන්තුවට බාරදී ඇති මුත් 95% කට වඩා වැඩි අක්‍රමිකතා සම්බන්ධයෙන් නම් ඉදිරි ක්‍රියාමාර්ග ගත් බවක් නම් වාර්තා වන්නේ නැහැ.
මහා පරිමාණ වංචා දූෂණ හෙළිකර ගත් බව ප්‍රසිද්ධියට පත් කෙරුණ ද ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් හෝ අදාල පාඩුව ඊට සම්බන්ධ වූවන්ගෙන් අයකර ගැනීමක් හෝ සිදු නොවන්නේ නම් තවදුරටත් මෙවැනි වාර්තා සකස් කිරීම සඳහා වන ක්‍රියාවලියට වැය කෙරෙන මහජන මුදලත් අපතේ යාම හැර සිදුවන්නේ වෙන කුමක්ද?
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි