බලගොල්ල ප්‍රදේශයේ දේවාලයක කපුවකුට මුහුණු පොත හරහා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කුරුසියේ ඇණ ගසන අයුරින් ලී කොට වල තබා ඇණ ගසා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සැකකරු ඇතුළු පිරිසගේ හිංසනයට ලක්ව තුවාල ලැබු දෙදෙනා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය පසුගිය 25 වැනි දා සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
මුහුණු පොත හරහා අපහාස කළ බව කියන දෙදෙනා කපුවාගේ නිවසට ගෙන්වාගෙන පසුව අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් තවත් පිරිසක් සමග එක්ව ඔවුන්ට පහර දී කුරුසියේ ඇණ ගසන ආකාරයෙන් ලී කොටවල තබා ඇණ ගසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
සිද්ධියෙන් අනතුරුව මෙම කපුවා සහ ඔහුට සහාය වූ පිරිස ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තාවනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට