Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මින් එහාට පොලිසියට පාතාල නඩු දිනන්නත් බෑ – කොළඹ සංවිධානාත්මක අපරාධ ඒකකයේ හිටපු ලොක්කා ප්‍රංශයේ සිට හේතු කියයි

ඉදිරියේදී පාතාලයට සම්බන්ධ නඩු අවසන් කිරීමට හෝ ජයගැනීමට පොලිසියට නොහැකි වනු ඇති බව කොළඹ අපරාධ කොට්ටාශයේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පවසනවා.ඒ සඳහා බලපාන හේතු සාධක කිහිපයක්ද ඔහු විසින් මෙම සාකච්ඡාවේදී මතුකර තිබීම විශේෂත්වයක්. 

ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ Mee Massoo TV සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

කන්ජිපානි ඉම්රාන් සමඟ ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියෙන් පසු මේ වන විට ප්‍රංශයේ සිටින කොළඹ අපරාධ කොට්ටාශයේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු සාදයක් දැමු බවට චෝදනා එල්ල වූ අතර එම සිදුවීම සම්බන්ධයෙන්ද දුමින්ද ජයතිලක මහතා අදහස් පළකර තිබෙනවා.

මෙම සිදුවීමට තමන් සම්බන්ධ කිරීමට පිරිසක් උත්සහ දරමින් සිටින බවත්, මේ පිටුපසද පැහැදිළි කුමන්ත්‍රණයක් ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

පොලිසියේ පත්වීම් දේශපාලන ඇඟිලි ගැසීම් මත තවමත් සිදුවන බවත් මේ හේතුවෙන් දක්ෂ නිලධාරීන් දැඩි කලකිරීමකින් පසුවන බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

About The Author