Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මිග් යානා ගණුදෙනුවේ පරීක්ෂණ යට ගැහුවේ යහපාලන ජනාධිපති සිරිසේනයි : වසර කිහිපයකට පසු ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

යහපාලන සමයේ යට ගැසූ අපරාධ ඉදිරියේදී එකින් එක එළියට ගන්නවා : හිටපු මුදල් අමාත්‍යාවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානි තුසිත හල්ඔලුව

ආන්දෝලාත්මක මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන යටපත් කිරීම සඳහා බලපෑම් කරන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව මංගල සමරවීර මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ඔලුව මහතා පවසනවා.

Mee Massoo TV සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මංගල සමරවීර මහතාගේ දේශපාලනයේ ඉදිරිගමන් මග සහ කාලීන දේශපාලනය පිළිබඳ අදහස් පළ කරන අතරවාරයේ මේ අදහස් පළ කළා.

1995 වසරේ සිට පොදුජන පෙරමුන රජයේ මෙන්ම, 2005 වසරේ බලයට පත් මහින්ද රාජපක්ෂ රජයේ ද මැති ඇමතිවරුන් රැසක් සමගින් කටයුතු කළ පුද්ගලික කාර්ය නිලධාරියෙකු, ආයතන අධ්‍යක්ෂක වරයෙකු සහ සභාපතිවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා යටිබිම්ගත දේශපාලනයේ වඩාත් ප්‍රචලිතව ඇත්තේ දේශපාලන බල පෙරළිය තුළ තීරණාත්මක සම්බන්ධීකරණ කාර්යයක් ඉටු කල පුද්ගලයකු ලෙසයි.

යහපාලන රජය නිර්මාණය කිරීම සඳහා ද දායකත්වය හල්ඔලුව මහතා වසර හයකට පසු යහපාලනය පිළිබඳ සිය මතකය අවදි කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ යහපාලන අරමුණු ඉටුකර ගැනීමට යාමේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට එරෙහිව කටයුතු කළ බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ද විත්තිකරුවෙකු ලෙස සඳහන්ව ඇති මිග් යානා ගනුදෙනුව පිළිබඳ විමර්ශනයේ අවසන් අදියරේ තිබිය දී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පරීක්ෂණ යට ගැසූ බව තුසිත හල්ඔලුව මහතා සඳහන් කළේ තම ප්‍රකාශය පිළිබඳ ඕනෑම වගකීමක් ද තමන් දරන බව පවසමින්.

මීට අමතරව යහපාලන රජය සමයේ යට ගසා දැමූ රාජපක්ෂ පාලන සමයේ සිදු වූ වංචා සහ දුෂණ සම්බන්ධයෙන් සිදු වූ විමර්ශන පිළිබඳ සත්‍ය තොරතුරු නුදුරේදීම හෙළිදරව් කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කිරීම විශේෂත්වයක්.

මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ද අදහස් පළ කළ තුසිත හල්ඔලුව මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන භාවිතාව පිළිබඳ මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා නොසතුටින් පසුවූ බව ද සඳහන් කළා.

දේශපාලනයේ තවත් ආන්දෝලනාත්මක කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කෙරුණු අදාල වැඩසටහන පහලින්..

About The Author